ජනපති අගමැති කියද්දීත් මහ බැංකු අධිපති ණය ප‍්‍රතිව්‍යුහගත නොකරන්නේ ඇයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

244

පෙට‍්‍රල් ගේන්න, ඞීසල් ගේන්න, බෙහෙත් ගේන්න, කිරිපිටි ගේන්න, ගෑස් ගේන්න, ගල් අඟුරු ගේන්න සියලූ දෙයට මුදල් නැති වෙලාවෙදි ලංකාව ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තේ ඇයි දැයි යන්න ප‍්‍රශ්නයක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අද වන විට අපේ රටේ විශාල කථිකාවක් ඇති වෙලා තියෙනවා 18 වෙනිදට ගෙවන්න තියෙන ඩොලර් මිලියන 500 ණය සම්බන්ධව සහ ජනවාරි මාසයේ ගෙවන්න තියෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක ප‍්‍රමාණය සහ 2022 ට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 6.9 සම්බන්ධව.

ඊයේ S&P ආයතනය ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් නැවතත් පහළට දැම්මා. ඔවුන් ජජජ+ සිට ජජජ දක්වා පහත හෙලූවා. ඊට අමතරව ඉදිරි දැක්ම සෘණාත්මකයි කියලා ඔවුන් ඉදිරිපත් කළා. ඒකෙන් ඔවුන් කියන්නේ ණය ගෙවන එකට වඩා ඉදිරියේදී ණය ගෙවන්න තියෙන හැකියාව පිළිබඳව ඔවුන් දකින්නේ සෘණාත්මක විදියට බවයි.

මහ බැංකු අධිපතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් කියනවා ‘‘අපි ණය ගෙව්වා’’ කියලා. මීට කලින් ණය ගෙවලා තියෙනවා. හෙට අනිද්දාට තිබෙන ණයත් ගෙවනවා නම් ඇයි මේ අපිව විවේචනය කරන්නේ, ඇයි ශ්‍රේණිගත කිරීමෙන් පහළට දාන්නේ කියලා ඔවුන් අහනවා. ඒකට උත්තරය තමයි ශ්‍රේණිගත කිරීමේ ආයතන රටක ණය ස්ථායිකරණය ගැන තමයි බලන්නේ. එහිදී වැදගත් කාරණයක් ණය ස්ථායිකරණ විශ්ලේශනය. එතකොට අපට ඉදිරියේදී ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන ප‍්‍රශ්නය පිළිබඳව තමයි ඔවුන් අධ්‍යයනය කරන්නේ. එහිදී පහළ දැමීම හරහා සිද්ධවෙන්නේ අප කෙරෙහි තියෙන විශ්වාසය තව තවත් පහළට යන එක.

මං අහගෙන මහබැංකු අධිපතිවරයා කියනවා කවුරු මොනවා කිව්වත් අපේ bonds ස්ට්‍්‍රට් වෙන්නේ පා එකට (සියයට) කියලා. ඔහු කියන කතාව සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒ අය bloomberg තොරතුරු අනුව සසඳා බලන විට තේරුම් ගන්න පුළුවන් එය අන්තර්ජාලයේ සටහන් වෙනවා අපට කියන්න උත්සාහ කරනවා නම් නෑ නෑ මේ සියලූ දේ ඩොලර් 100 ට විකිණෙන්නේ ද්විතීක වෙළෙ`දපොළේ කියලා ඒක සත්‍යයෙන් තොරයි. එය දුම් බ්ලූම්බර්ඞ් 2030 එකක් ඩොලර් 45යි 48 කියලා අන්තර්ජාලයෙන් download කරපු එකේ පෙන්නනවා.

ප‍්‍රශ්නෙ තියෙන්නේ ණය ප‍්‍රතිව්‍යුහගත යුතු ද නැද්ද කියන එක. ඇයි මේ ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තේ. මොකද ඩොලර් සීයක් 2030 කිරීමේ ගෙවන්න තියෙන බැඳුම්කරය වෙළෙඳපොළේ විකිණෙන ඩොලර් 48 නම් මේකෙන් තේරුම් යන්නේ ගෙවීම කළ හැකි තත්ත්වයක රට තියෙනවා කියලා ජාත්‍යන්තර විශ්වාස කරන්නේ නැහැ කියලායි. ඔවුන් ඒක ඔවුන්ගේ ගිණුම්වලට දැනටමත් ගණන් තියලා තියෙන්නේ. ඔවුන්ගේ පාඩුව දැනටමත් පොත්වලට අරගෙන තියෙන්නේ. එතකොට ඇයි මෙච්චර ප‍්‍රතිව්‍යුහගත කර නැත්තෙ. එසේ කර ගත්තොත් උදාහරණයක් විදියට ඩොලර් 48 තියන ද්විතීයික වෙළෙඳපොළේ විකිණෙන බැඳුම්කර 90 ට ඉහළ යන්න ඉඩ තිබෙනවා. එතකොට මේක අතේ තියෙන ආයෝජකයාට ප‍්‍රතිව්‍යුහගත කිරීම හරහා පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක් වෙන්නේ. ආයෝජකයෝ කියනවා අපටත් තේරුම් ගන්න බැහැ ඇයි මේ ප‍්‍රතිව්‍යුහගත කරගන්නේ නැත්තේ කියලා. එක පැත්තකින් ජනතාවට විශාල ඛේදචකයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ නැතුව. ආයතනවලට කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩ නැතුව විශාල ගැටලූවකට මුහුණ දෙන්න සිදුවෙලා. ඊළඟට බැඳුම්කර මිලදී ගත් ආයෝජකයෝ කියනවා අපිත් සූදානම් ප‍්‍රතිව්‍යුහගත කිරීමකට කියලා. හැබැයි නිවාඞ් කබ්රාල් අධිපතිවරයා කියනවා නෑ අපි ප‍්‍රතිව්‍යුහගත කරන්නේ නෑ. මේ සියලූ දේ ඒ වෙලාවටම ගෙවනවා කියලා.

අපි කියන්නේ නැහැ ණය පැහැර හරින්න කියලා. එය වගකිව යුතු විපක්ෂයක් විදියට කොහේවත් කියලා නැහැ. අපි කියන්නෙත් ප‍්‍රතිව්‍යුහගත කිරීම හරහා අපට රටේ මිලියන 22 ක ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා අමුද්‍රව්‍ය ලබාගන්න හැකියාවක් තියෙනවා කියලයි. ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ රටට පුළුවන් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන එකඟතාවයකට එන්න.

දැන් ජනාධිපතිතුමා චීන ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න කියලා තියෙනවා. ඊයේ සෝන්ග් කියන පුද්ගලයා ඒ සම්බන්ධව අදහස් දක්වා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ චීනයෙන් දීලා තියෙන පොලී රහිත ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් කල්පනා කරල බලන්නම් කියලා. හැබැයි අපි හොයලා බැලූවා. එහෙම චීනයෙන් පොලී රහිත ණය දීලා තියෙනවා නම් එය ඉතාමත්ම සුළු ප‍්‍රමාණයක්. නමුත් චීනයෙන් වැඩිපුර අරගෙන තියෙන්නේ වාණිජමය ණය. මොකද චීනයේ එක්සිම් බෑන්ක් එකෙන් හා china development bank තමයි මේ වැඩිපුර අරන් තියෙන්නේ. මහ බැංකුව ගෙවන්න තියෙන ණය තවමත් යාවත්කාලීන කර නැහැ. තියෙන්නේ වසරකට පෙර දත්ත අනුව චීනයට ගෙවන්න තියෙන ණය. ද්වීපාර්ශ්වික ණය විතරක් 12%ක් ගෙවන්න තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් යම්කිසි සහන පොලියට ලැබෙන ණය. මුළු ණය විදියට ගත්තම 2%ක ප‍්‍රමාණයක් තියෙන්නේ. හැබැයි චීනයෙන් අපි බැලූවොත් ලංකාව අරගෙන තියෙන වෙළෙඳපොළේ සම්පූර්ණ ණයවලින් දිනය exim bank එකෙන් අරගෙන තියෙන ණය ප‍්‍රමාණය 13%කට කිට්ටුයි. සමස්ත ණය ප‍්‍රමාණය වාණිජ ණය 8%ට කුත් ගොස් සහනදායි ණය 2%ත් ආකාරයට සියයට 10 ක මුළු ණය ප‍්‍රමාණය එකතු වෙන්නේ. මේ සහනදායී ණයවලිනුත් පොළී නොගෙවන ණය සම්බන්ධයෙන් විතරයි කතා කරලා තියෙන්නේ.

හැබැයි ඔවුන්ම කියලා තියෙනවා ප‍්‍රතිව්‍යුහගත කරනවා නම් සාමාන්‍ය ක‍්‍රමයට ප‍්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ වෙන්න ඕන කියලා. චීනය සූදානම් නැහැ කියන එක අපිට පේනවා. ඔවුන් ලංකාවේ රජයට විශාල ඩොලර් ප‍්‍රමාණයක් ලබා දීලා ඔවුන්ගේ ණය ගෙවන්න එපා පස්සේ ගෙවන්න. මේ ඩොලර් ප‍්‍රමාණය අරන් වෝල් ස්ටී‍්‍රට් එකේ ඇමෙරිකන් ආයෝජකයගේ ණය ගෙවන්න. කියන තැනට ඒගොල්ලො ඇවිත් නැහැ. එහෙම එන පාටකුත් නැහැ. අපි අහන්නේ ප‍්‍රශ්නය හැටියට කරුණාකර කියන්න ජනාධිපතිවරයා චීනයෙන් ප‍්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලලා තියෙද්දි අගමැතිවරයා ඉන්දියාවෙන් ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලා තියෙද්දී මේ රටේ බොහෝ ස්වාධීන ආර්ථික විශේෂඥයෝ මේ වෙන අය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි කියන තැන සිටියදී ආයෝජකයෝ පවා ප‍්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් කියලා තිබියදී මේ රටේ මිනිස්සුන්ට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබියදී, කෑම බෙහෙත් නැතුව ඉන්න තත්ත්වයක තියෙද්දී ඇයි මහ බැංකු අධිපතිවරයා මේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පමණක් ප‍්‍රතිව්‍යුහගත කරන්න කිසිසේත්ම සූදානම් නැහැ කියන තැන ඉන්නේ කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment