ඉන්දියාවේ ආදිත්‍ය චන්ද්‍රිකාව අද ඉර සොයා යයි

286

සූර්යා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යා වටා කක්ෂගත වීම සඳහා යැවීමට නියමිත ‘ආදිත්‍ය එල්-1’ චන්ද්‍රිකාව අද (02දා) උදෑසන 11.50ට අභ්‍යවකාශගත කිරීමට නියමිතය.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රිහරිකොටා ප්‍රදේශයේ පිහිටි ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන, සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවි කර ඇති ‘පීඑස් එල් වී-එක්ස් එල්’ නමැති රොකට්ටුව මගිනි. මෙම චන්ද්‍රිකාව හරහා අභ්‍යවකාශයේ සිට සූර්යාගෙන් සූර්ය කුණාටු ඇතුළු අභ්‍යවකාශ කාලගුණයට ඇති වන බලපෑම, අධ්‍යයනය කිරීමට නියමිතය. හින්දි භාෂාවෙන් ආදිත්‍ය යන්නෙහි අර්ථය සූර්යා යන්නයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment