රටේ ආදායමෙන් 60%ක් සුළුතරය අතේ

100

ලක්‍ෂ 40ක සෙල්ලම ටින් එකට දාගනියි

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හරහා ලියාපදිංචි වන පිරිස අතරින් ඉදිරියේදී රටේ ඉහළම ආදායම් ලබන්නන් හඳුනාගෙන ඔවුන් බදු දැලට එකතු කර ගැනීම රජයේ සැලසුම වී ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

මේ අනුව ඉදිරියේදී රටේ ඉහළම ආදායම් ලබන ලක්‍ෂ 40ක පමණ පිරිසක් හඳුනාගැනීමට නියමිත බවත් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙහෙයුමක් දියත්කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

රටේ සමස්ත ආදායමෙන් සියයට 60ක් පමණ බෙදීගොස් ඇත්තේ සමස්ත ජනතාවගෙන් සියයට 20ක් පමණ වන සුළුතරයකට බවත් ඒ පිරිස ලක්‍ෂ පනහකට අධික පිරිසක් වන බවටත් ඇස්තමේන්තු කළ හැකි බවත් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම හරහා මූලික ඉලක්කයක් වන්නේ මේ ඉහළ ආදායම් ලබන පිරිස හඳුනාගැනීම වන බවද දැනගන්නට තිබේ.

මේ වර්ෂය (2024) පුරා බදු අංකය සඳහා වයස අවුරුදු 18ට වැඩි පිරිස් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන අතරතුරම මේ ඉහළ ආදායම් ලබන පිරිස් හඳුනාගෙන ඔවුන් බදු දැලට ඇතුළත් කර ගැනීමට නියමිතව ඇති බවත් බදු ආදායමක් ලබා ගැනීමට හැකියාව ඇත්තේ එම පිරිසගෙන් බවත් එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment