බිලියන 943ක බදු පොල්ලක්

103

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 943ක හිඟ බදු ආදායමක් ඉකුත් වර්ෂයේ (2023) ජුනි මස 30 වැනි දා වන විට ලැබීමට තිබූ බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙකී හිඟ බදු ආදායමෙන් රුපියල් බිලියන 767ක මුදලක් විවිධ හේතුන් මත අය කර ගැනීමට නොහැකිව පවතින බව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අය කර ගත හැකි මුදල රුපියල් බිලියන 175ක් බව සඳහන් කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37ක මුදලක් අය කර ගෙන ඇති බව ද සඳහන් කරයි.

සෑම වසරකම නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට පෙර බදු වාර්තාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබුණු පසු එම බදු වාර්තාව අදාළ නිලධාරියා එම තොරතුරු ඍ්ඵෂී පද්ධතියට ඇතුළත් කරන අතර ගැටලු පවතින අවස්ථා හඳුනා ගැනීම සිදු කරන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment