පුත්තලම සහ මහනුවරට දැවැන්ත ජයග්‍රහණ

71

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (28 වැනිදා) පැවැති තරගවලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් ලකුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූයේය. මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල පිලට එරෙහිව මහනුවර කලාප 2 කණ්ඩායම ලකුණු 229 ක ජයක්ද වාර්තා කළේය.

පුත්තලම් කණ්ඩාමේ විශ්ව රාජපක්ෂ ශතකයක් (138) ක් වාර්තා කළ අතර විශ්ව පන්දු 87 කට මුහුණ දෙමින් ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කළේය.

පුත්තලමට ලකුණු 264 ක ජයක්

පුත්තලම කණ්ඩායම පන්දු වාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 368 යි – (විශ්ව රාජපක්ෂ 138, මලීෂ නෙසිත 14, තිසර මදුශාන් 49, දසුන් පෙරේරා 25, චතුමල් නිමේෂ් 17, මෙනූෂ පෙරේරා 58, නිමේෂ් මදුශංක 18, යසොත් සංකලන 88/3, සිතිජ ගීත් 47/2, තිලිණ චන්දීප 49/2)

අනුරාධපුර පන්දු වාර 20.5 කදී සියලු දෙනා දැවී ලකුණු 104 යි – (තීක්ෂණ වීරසිංහ 13, සඳුන් රත්නායක 46, තිලිණ චන්දීප 11, යසොත් සංකලන 13, සුහද ප්‍රනාන්දු 16/2, චතුමල් නිමේෂ් 28/4)

මහනුවර කලාප 2 පිලට ලකුණු 229 ක ජයක්

මහනුවර කලාප 2 පන්දු වාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 304 යි – (කවිඳු ෂෙහාන් 33, දිනෙත් අබේසේකර 72, මොහොමඩ් අකිල් 10, ඉඳුවර ගලපිටගේ 29, තිසර ඒකනායක 26, රයන් අන්තෝනියස් 20, නිම්නද සොයිසා 50, තරිඳු කපුකොටුව 23, චමෝද් භානුක 35/2, තනුජ සම්පත් 18/2)

කෑගල්ල පන්දු වාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 75 යි – (දෙනුවන් මෙත්සර 13, තනුජ සම්පත් 19, කවීෂ පියුමාල් 24/5, නිම්න ද සොයිසා 11/2, තිසර ඒකනායක 22/2)

advertistmentadvertistment
advertistmentadvertistment