කසාද බඳිනදාට ආදර කතාව කියනවා – පූජනී භාග්‍යා

422

කලා ක්‍ෂේත්‍රයේ දවසින් දවස විවිධ කටකතා පැතිරෙනව. ඒවායේ සත්‍ය වගේම අත්‍යත් හරි හරියට තියෙනව. කාලයක් නිහඬව හිටපු පූජනී භාග්‍යා ගැනත් ඒ වගේ කතාවක් පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල පැතිරුණා. මේ කතාව ඇත්තක්ද? ඇයි කලාවෙන් ඈත් වුණේ? අපි ඇයගෙන්ම අහල බලමු.

පූජනී, මොනවද අලුත් තොරතුරු?
මම කෙටි කාලයක් කලා කටයුතු වලින් ඈත් වෙලා හිටියා. මේ දිනවල අලුතින් සම්බන්ධ වුණ ටෙලි නාට්‍යයක් ස්වර්ණවාහිනී නාළිකාව හරහා ලබන අගෝස්තු මාසයේදී පමණ විකාශනවීමට නියමිතව තියෙනව. මේක නම් කරල තියෙන්නෙ ‘මැස්සා’ කියල ඉන්දික ධර්මතිලක මහත්මයා තමයි අධ්‍යක්‍ෂණය කරන්නෙ. මට ලැබිල තියෙන්නෙ ‘පිංකි’ කියන වෙනස්ම ආකාරයේ චරිතයක්.

‘පිංකි’ ගැන කතාකළොත්?
පිංකි කියන්නෙ වත්තක හැදුන ගැහැනු ළමයෙක්. නමුත් හිත වගේම ගතිගුණත් බොහොම හොඳ කෙනෙක්. ඒ වගේම හිතේ ආදරයක් හංගගෙන අම්ම තාත්ත සහ එකම නංගිවත් බලාගෙන ජීවත් වෙන චරිතයක්.

කලා කටයුතු වලින් ඈත් වුණේ ඇයි?
ඒ දවස්වල හැම නාළිකාවකම වගේ මම රංගනයෙන් එකතු වුණ ටෙලි නාට්‍යයක් විකාශණය වුණා. එතනදි මට නිදහසක් තිබුනෙම නැහැ. ඒ නිසා මට හිතුන පොඩි විවේකයක් ගත්ත නම් හොඳයි කියල.

කසාද බඳිනදාට ආදර කතාව කියනවා - පූජනී භාග්‍යා

මේ කාලය තුළ ඔබේ පෙනුම වෙනස් වුණා?
ඔව්. මට මුලින් තිබුණෙ කළු දිග කොණ්ඩයක්. මේ විවේක කාලයේදි කොණ්ඩය කපල, කලර් කරල කලින් කරපු ඒකාකාරී චරිත වලින් මිදෙන්න බාහිර පෙනුමෙන් වෙනස් වුණා. මේ විවේකය ටෙලි නාට්‍යවලට විතරයි. ඒ අතර නිවේදන කටයුතු වගේම ෆොටෝ ෂූට්වලටත් සහභාගි වුණා.

පිංකි මේ වෙනසෙ ප්‍රථිපලයක්ද?
ඔව්. මගේ බාහිර පෙනුමෙ වෙනසත් එක්ක මට ලැබුණු මුල්ම චරිතය තමයි පිංකි. මම ඒකට ගොඩක් කැමතියි. ඒ වගේම තවත් ආරාධනා කිහිපයක්ම භාරගෙන ෂූටින්වලට දිනත් දාගෙන තියෙද්දි රටේ පවතින තත්ත්වයත් එක්ක කල්දාන්න සිද්ධ වුණා.

නිවේදන කටයුතු?
නිවේදන කටයුතු කියන්නෙ මම හරිම ආසාවෙන් කරන දෙයක්. ටෙලි නාට්‍ය රංගනයට වඩා වැඩි කැමැත්ත තියෙන්නෙ නිවේදනයට. මම හිතනව මම ඒකට දක්‍ෂයි කියල. ඒක මට හරි පහසුයි. මේ දිනවල සිරස ටීවී නාළිකාවෙ සති අන්තයේ ‘ලවර්ස් ලේන්’ කියන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිල තියෙනව. ආදරය ගැන තමයි මෙතනදි කතා කරන්නෙ. මේ අතර යූ ටියුබ් නාළිකාවක නිවේදන කටයුතු සිදුකරනව. ඒ වගේම ගයාන් අයියගෙයි මගෙයි ‘ගයිය පූජි’ යූ ටියුබ් නාළිකාවේ කටයුතුත් කරගෙන යනව.

ගයිය පූජි යූ ටියුබ් නාළිකාවේ වැඩකටයුතු?
මේ වන විට පනස්දහසකට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස්ල ප්‍රමාණයක් ඉන්නව. හොඳ රීඩ් එකක් තියෙනව. වෙන යූ ටියුබ් චැනල්වල මම සහභාගී වෙන වැඩසටහන් මගේ නාළිකාවට අප්ලෝඩ් කරනව. මේ වැඩවලට ගයාන් අයියත් මට ලොකු සහයෝගයක් ලබා දෙනව.

අනුන්ගෙ ආදර කතා අතර තමන්ගෙ ආදරය?
මටත් ආදර කතාවක් තියෙනව. නමුත් මම හිතනව ඒ කතාව කියන්න තවම කාලය ඇවිත් නැහැ කියල. අපි මේ දවසට විවාහ වෙනව කියල සියලු දේ සැළසුම් වුණාට පස්සෙ තමයි මම මගේ ආදර කතාව කියන්නෙ.

ගයාන් පූජනී විවාහ වුණා කියල කතාවක් තිබුණ?
අපි එක දිගට ෆොටෝ ෂූට් කිහිපයක්ම කළා. මේ දේවල් එක්ක තමයි ඔය කතාව ප්‍රචාරය වුණේ. මේ කතාව අල්ලලා අපිට වඩා අපි නොදන්න යූ ටියුබ් චැනල් වලින් විශාල වශයෙන් ගොසිප්ස් ප්‍රචාරය කළා.

සමාජ මාධ්‍ය කරදරයක්ද?
සමාජ මාධ්‍යයේ අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවනෙ. එෆ්බී පේජ් බලන්න ඕනා, ඉන්ස්ටර්ග්‍රැම් බලන්න ඕන, ටික්ටොක් හැන්ඩ්ල් කරන්න ඕන, යූ ටියුබ් බලන්න ඕන. මේ දේවල් එක්ක සමහර වෙලාවට නම් සමාජ මාධ්‍ය හිසරදයක්. කාගෙ හරි හිතක් රිද්දල සතුටු වෙන්න බලන සමහර මිනිස්සු ඉන්නවනෙ. ඒ දේවල් නම් දැන් ගානක්වත් නැහැ. කරදරයක් වගේ වුණත් අපි ඒව පරිහරණය කරන්න ඕනනෙ. මොකද ගොඩක් වෙලාවට අපිට වැඩ එන්නෙ සමාජ මාධ්‍ය හරහා.

ගොසිප්ස් ගැන අදහස?
ඇත්තටම ඉස්සර නම් සමහර දේවල් දකිනකොට දුක හිත-ුන. නමුත් දැන් නම් ගොසිප්ස් සම්බන්ධව කිසිම අදහසක් නැහැ. කොහොම වුණත් මගේ නම කැතවෙන නරක ගොසිප්ස් තවම පළවෙලා නැහැ. ඒ ගැන සතුටුයි.

ගයාන්ගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම ගයාන් අයියගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නෙ. මොකද මේ ක්‍ෂේත්‍රයේ මට යාළුවො නැහැ. ගයාන් අයිය එක්ක ළඟින්ම ආශ්‍රය කරන සචින්, දෙව්නක වගේ අය තමයි මගෙත් යාළුවො වෙන්නෙ. මට ආරාධනයක් ලැබුණත් ගයාන් අයියත් එක්ක කතාබහ කරල තමයි තීරණයක් ගන්නෙ.

ගයාන් ඔබේ හිත රිදවල නැද්ද?
අපි දෙන්න බොහොම විහිළුතහළුවෙන් තමයි ඉන්නෙ. හරිම ෆනී. සීරියස් දේවල්වලින් හිත රිදෙන අවස්ථා හරිම අඩුයි.

සිනමාවට ලැබුණු ආරාධනා?
මගේ මුල්ම හීනය වුණෙත් ෆිල්ම් ඇක්ටර් කෙනෙක් වෙන එක. මම අඩි පහයි අඟල් අටක් උසයි. මේ පෙනුමත් එක්ක බලාපොරොත්තු තිබුණත් මට අවශ්‍ය කාලෙදි ඒ අවස්ථාව ලැබුණෙ නැහැ. මෑත කාලයේ එවැනි අවස්ථා කිහිපයක් ලැබුණත් මට නොගැලපෙන දේවල් නිසා අතහරින්න සිද්ධ වුණා.

පූජනීට සීමාවන් තියෙනව?
ඔව් අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම ලංකාව වගේ රටක එහෙම නැතිව බෑ.

රසික ආදරය කරදරයක්ද?
ඇත්තටම සමහර අය නිසා කරදර වුණ අවස්ථාත් තිබුණ. නමුත් ඒ අයවත් ගාණකට ආශ්‍රය කරල කාවවත් තරහකරගන්නෙ නැතුව මේ ගමන යනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment