ලංකා බැංකුවේ නවතම සේවාවක් වන BOC Fuel Card එළිදකී

141

මෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව Master Carf International සමග එක් වෙමින් හඳුන්වාදෙන නවතම නිපැයුමක් වන BOC Fuel Card නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා අතිසාර්ථකව සිදු කෙරිණි.

මෙරට ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස පුරා වස 82ක් ලංකා බැංකුව ගොඩනගා ගැනීමට සමත්වී ඇති ජනතා විශ්වසනීයත්වය, පුළුල් ශාඛා ජාලය හා අසමසම ගනුදෙනුකාර සබඳතා ජාලය සමග ඩිජිටල්කරණය තුළින්

ශ‍්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා වන රජයේ සැලැස්මට සහයෝගය ලබාදීමද මෙහිදී අරමුණු කෙරිණි.

BOC Fuel කාඞ්පත ගනුදෙනුකරුවන්ට සිය ඉන්ධන වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා ලංකා බැංකුව මගින් හඳුන්වාදී ඇති ප‍්‍රායෝගික සහ පහසු විසඳුමකි. මෙම කාඞ්පත ආයතිනක රථ වාහන මෙහෙයුම් අංශවලට මෙන්ම තනි පුද්ගලයන්ද ඔවුන්ගේ දෛනික ඉන්ධන වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා පහසුකම් සලසයි.

BOC Fuel Card මගින් එදිනෙදා අවධානයට ලක් නොවන අනවශ්‍ය ඉන්ධන වියදම් අවම කර ගැනීමට ක‍්‍රමානුකූල සැලැස්මක ඉදිරිපත් කරන අතර BOC ගනුදෙනුකරුවකු නොවන ආයතනවලට හා පුද්ගලයන්ටද මෙම කාඞ්පත ලබාගත හැකිවීම විශේෂිතය.

advertistmentadvertistment
advertistmentadvertistment