පෑන් ඒෂියා බැංකුව විසින්, සිය 50000 වැනි’අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරු ඇගයීම පසු ගිය දා සිදු කෙරිණි. පෑන් ඒෂියා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවා සඳහා කොළඹින් පිට පළාත්වල ගනුදෙනුකරුවන් ලියාපදිංචි වීම හා භාවිත කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම, අන්තර්ජාල බැංකුකරණය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා පෑන් එෂියා බැංකුවේ කැප වීමට හොඳම උදාහරණයකි. පෑන් ඒෂියා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාවන් මගින් ගනුදෙනුකරුවන්ට තමා කැමති වේලාවක, ඕනෑ ම තැනක සිට ගනුදෙනු කිරීමේ පහසුව මෙන් ම ඔවුන් වෙත ලැබෙන කාර්යක්ෂම මෙන් ම ගුණාත්මක සේවාව මෙම ආකර්ෂණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

පෑන් ඒෂියා බැංකුව මගින් ලබා දෙන අන්තර්ජාල බැංකු සේවාවන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ අතරින් පෑන් ඒෂියා ගිණුම්වලින් වෙනත් ගිණුම්වලට සතියේ දින 7 පැය 24 පුරා ඕනෑ ම වේලාවක, ඕනෑ ම තැනක සිට මුදල් මාරු කිරීමේ හැකියාව ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව සතිපතා, මාසිකව හෝ වාර්ෂිකව යන ඕනෑ ම ක්‍රමවේදයක් යටතේ සියලු‍ ම බිල්පත් ගෙවීමේ හැකියාව ද පෑන් ඒෂියා බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා හරහා ලැබෙන තවත් වරප්‍රසාදයකි. එමෙන් ම ගනුදෙනුකරුවන්ට පෑන් ඒෂියා බැංකුව හෝ තෝරා ගත් වෙනත් දේශීය බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් පියවීමේ හැකියාව ද මෙම අන්තර්ජාල බැංකු සේවා හරහා ලබා දෙයි.

පෑන් ඒෂියා බැංකුවේ 50000 වැනි’අන්තර්ජාල බැංකු ගනුදෙනුකරු වන කේ. ජී. උදයමා එස්. පෙරේරා මහතා, පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment