ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් දැන් ඔන්ලයින්

235

බජාජ් වාහන හිමියන්ට තවත් අලූ‍ත් අත්දැකීමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ පළමු වරට බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් ඔන්ලයින් මිලදී ගැනීමට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් විසින් පසුගියදා bajajgenuine.dpmco.com වෙබ් අඩවිය හදුන්වා දෙන ලදී.
 
 කොවිඞ්-19 වසංගත පසුබිම තුළ ආරක්ෂාව තහවුරු කර ගන්නා අතරතුර වටිනා කාලයද ඉතිරි කර ගනිමින් බජාජ් ත‍්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් සහ KTM මෝටර් සයිකල් සදහා අවශ්‍ය ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මෙන්ම බජාජ් ජෙනුයින් ඔයිල් bajajgenuine.dpmco.com හරහා පහසුවෙන් ඇණවුම් කිරීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට ඇත. එපමණක් නොව පාරිභෝගිකයාගේ නිවසට, වාහනය අලූ‍ත්වැඩියා කරන ස්ථානයට හෝ අවශ්‍ය ඕනෑම ස්ථානයකට ඇණවුම පහසුවෙන්ම ගෙන්වා ගත හැකිය. bajajgenuine.dpmco.com හදුන්වාදීමේ විශේෂ දීමනාවක් ලෙස මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන සෑම ගනුදෙනුවක් සදහාම සීමිත කාලයකට අමතර  ගාස්තුවක් නොමැතිව ඔබ වෙතටම ඇණවුම ගෙනවිත් දීමට සමාගම කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment