උද්ධමනය 6.4% ට නගී

53

ඉකුත් ජනවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 6.4 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය දෙසැම්බර් මස වාර්තාවූ උද්ධමනය කොළඹ පාරිභෝගික දර්ශකය අනුව සියයට 4ක් විය.

පසුගිය දෙසැම්බර් මස සියයට 0.3 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 3.3 ක් දක්වා ද එසේම පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 5.8 ක්වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 7.9 ක් දක්වාද ඉහළ ගොස් ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (31දා) නිකුත් කළ නවතව වාර්තාවක මේ බව දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment