ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

306

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත. මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවැනි පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇතිවූ වහාම +94 71 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් අනන්‍යතාව තහවුරැ කර ගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටියි

advertistmentadvertistment
advertistmentadvertistment