රුපියල උඩ යයි

1252

ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අනුව ඊයේ (27) රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 310.75 ක් දක්වා අඩු වී ඇත.

2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment