පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වේ

172

ජනප්‍රිය හා පෙරළිකාර දේශපාලනඥයකු ද කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ මතුගම පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16 දා) අභාවප්‍රාප්ත විය.

මියයන විට 64 වැනි වියේ පසුවූ ඒ මහතා 2002 වසරේ මතුගම ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසියේය. ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කොට වැඩි මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. හෙතෙම නියෝජ්‍ය ඇමැති තනතුරු කිහිපයක්ම හෙබවීය.

තෙවරප්පෙරුම මහතා විදුලි සර වැදීමකට ලක්ව මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා පුතුන් දෙදෙනකුගේ පියාණන් වූ අතර ඔහුගේ එක් පුත්‍රයෙක් මීට කලකට පෙර රෝගාතුරව මිය ගියේය.

අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment