ඩයනා සජබෙන් දොට්ට: මැකොටත් දන්වයි

354

සමගි ජනබලවේගය පක්‍ෂයේ පත් කළ මන්තී‍්‍ර ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දීමටත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ඊයේ (07දා) තීරණය කර ඇත.

පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම රැුස්වීමේදී මෙම තීරණය ඒකමතිකව සම්මත කර තිබේ.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත සංශෝධනය කිරීමේ ඡුන්ද විමසීමේදී ඇය පක්‍ෂයේ තීරණයට පටහැනිව ආණ්ඩුව සමග එක්ව ඡුන්දය ප‍්‍රකාශ කිරීම මෙයට හේතුවී ඇත.

ඇය එහිදී සිදුකර ඇත්තේ පක්‍ෂයේ විනය කැඞීමක් බවට පක්‍ෂය තීරණය කර තිබේ. ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ති‍්‍රපුද්ගල නීති උපදෙස් කමිටුව හමුවට ඇය 05 වතාවක් කැඳවා ඇතත් ඊට ඇය පැමිණ නොමැතිවීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment