රයිනෝ සත්ත්වයෙක් ගැන කළ පර්යේෂණයකට නොබෙල් තෑග්ගක්

226

විද්‍යාත්මක සඟරාවක් වන ‘ඇනල්ස් ඔෆ් ඉම්ප්රොබබල් රිසර්ච්’ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අයි ජී නොබෙල් ත්‍යාග සම්මාන උළෙලේ මෙම වසරේ එක් ත්‍යාගයක් නැමීබියාවේ රයිනෝසිරස් සත්ත්වයෙකු උඩුබැලි අතට එල්ලා ඉන් එම සත්ත්වයාට ඇති වන බලපෑම පිළිබඳව පර්යේෂණය කළ කණ්ඩායමකට පිරිනමා තිබේ. මෙම ත්‍යාගය අදාළ කණ්ඩායමට හිමිව ඇත්තේ ‘ප‍්‍රවාහන පර්යේෂණය’ නමැති අංශය යටතේය. ලොව ප‍්‍රකට නොර්වේ රාජ්‍යය විසින් පිරිනමනු ලබන නොබෙල් ත්‍යාග තරම් ප‍්‍රසිද්ධ නොවූවද අයි ජී නොබෙල් ත්‍යාග සම්මාන උළෙල අන්තර්ජාලයේ ඉමහත් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ සම්මාන උළෙලේ පිරිනමනු ලබන ත්‍යාග ලබාදීම සඳහා තෝරා ගනුයේ හාස්‍යය උපදවන කාර්යයන් සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ සඳහා වීම නිසාය.

 ඉහත කී රයිනෝසිරස් සත්ත්වයා සම්බන්ධ පර්යේෂණය මේ වන විට අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ හාස්‍යයට ලක්ව ඇති බව වාර්තා වී තිබේ. මෙවර අදාළ සම්මාන උළෙලේ වෙනත් ත්‍යාග හිමි වූ පර්යේෂණයන් අතර චුවින්ගම් වල පවතින බැක්ටීරියා පිළිබඳව සිදු කරන ලද පර්යේෂණය මෙන්ම සබ්මැරින් යන්ත‍්‍රවල සිටින කැරපොත්තන් පාලනය පිළිබඳව සිදු කළ පර්යේෂණය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment