දසුන් හයේ හතයි

78

මේජර් ලීග් එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි සීසීසී කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා ) පැවති තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ දසුන් ශානක පන්දු 35 කදී වේගවත් ලකුණු 68ක් නොදැවී ලබා ගත්තේය.

එම ලකුණු 68 සඳහා හයේ පහර 7 ක් එල්ල කිරීමට දසුන් සමත් වූයේය.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 194.28ක් වූ අතර එම 6 පහර 7 න් 5 ක්ම අවසන් පන්දුවාර දෙකේදී එල්ල කළ ඒවා විය.

කොළඹ එස්.එස්.සී. පිටියේ දී එම තරගය පැවැති අතර පළමුව පන්දුවට පහර දුන් ඔවුහු නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 301 ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment