වල්පොළ මාළු ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකුට වෙඩි

417

අම්මාත් අසල්වැසියකුත් ඒ අතර

රාගම, වල්පොළ සුනාමි ගම්මානයේ දී සිදුවූ වෙඩිතැබීමකින් ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන ‘මාළු කුමාර’ නමැති පුද්ගලයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පෙරේදා (14 වැනිදා) රාත්‍රී 8.45 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීම හේතුවේ “මාළු කුමාර”ට අමතරව ඔහුගේ 79 හැවිරිදි මව හා 17 හැවිරිදි අසල්වැසි පාසල් සිසුවකු ද රෝහල්ගත කර තිබෙන බව රාගම මූලස්ථාන පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බවත්, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිලීටර් 9 වර්ගයේ හිස් පතරොම් කොපු 4ක් වැටී තිබූ හමුවූ බවත් පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු කුමාර යන අය කොළඹ හා රාගම ප්‍රදේශයේ මාළු ලෑලි දෙකක් පවත්වාගෙන යන බවත්, ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකව කර ගෙන යන බවත් පොලිසිය කියයි.

තවත් මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයකු විසින් “මාළු කුමාර” නමැත්තාව ඉලක්ක කර එදිරිවාදි ව්‍යාපාරිකයකුගේ පෙළඹවීම මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

රෝහල්ගත කර සිටින තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රාගම රෝහලේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට කීය.

රාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ මහතාගේ මෙහෙය වීමෙන් උපපොලිස් පරීක්ෂක අබේරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන උපනන්ද (2709), මහින්ද (67675), සඳුන් (79574), පෙරේරා (78997), කුමාර (16841) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment