ලක්‍ෂ හයක කප්පමක් ගන්න 15 හැවිරිදි දරුවෙක් 8 හැවිරිදි දරුවකු පැහැරගෙන මරලා

493

රුපියල් ලක්‍ෂ හයක කප්පම් මුදලක් ඉල්ලමින් පහළොස් හැවිරිදි දරුවකු විසින් අටහැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් පසුව එම ළාබාල දරුවා මරා දැමීමේ ශෝචනීය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙම ඝාතනයට ලක්වූ දරුවා ඔවුන් පදිංචි නිවාස සංකීර්ණයේ බිම් මහලේ සෙල්ලම් කරමින් සිටියදී අතුරුදන්ව තිබේ. දරුවා අතුරුදන් වූ බව කියමින් දෙමාපියන් පොලිසියට පැමිණිලි කළ පසු රුපියල් ලක්‍ෂ හයක කප්පමක් ඉල්ලා දෙමාපියන්ට ලිපියක් ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් අතුරුදන් වූ දිනයේම දරුවාගේ මළ සිරුර නිවාස සංකීර්ණයේම තිබී හමුවී ඇත.

පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු හෙළිවී ඇත්තේ එම නිවාස සංකීර්ණයේම පදිංචි පහළොස් හැවිරිදි දරුවකු රුපියල් ලක්‍ෂ හයක කප්පමක් ඉල්ලමින් මෙම ඝාතනය කර තිබෙන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment