ගිටාර් වාදනයේ පූර්වාදර්ශයක් වූ එඩි නික්ම යයි

225

යුග කිහිපයක් මුළුල්ලේ ලොව පුරා විසිරී සිටින ගිටාර් වාදකයන්ගේ පූර්වාදර්ශයක් සේ සැලකෙන තමන්ට ආවේණික වූ ශෛලියකින් ගිටාරය වාදනය කළ වේගරිද්ම සංගීතයට (රොක් ඇන්ඩ් රෝල්) ගිටාර් වාදනයෙන් දායක වූ ඇමරිකානු ජාතික ගිටාර් වාදක ඩූවාන් එඩි පිළිකාවක් හේතුවෙන් ඉකුත් අඟහරුවාදා (30දා) මිය ගොස් තිබේ.

මිය යන විට 86 වැනි වියෙහි පසු වූ එඩි ගිටාරය වාදනය කිරීමේදී ඔහුටම ආවේණික වූ ශෛලියකට ‘වැන්ග් ශබ්දය’ ලෙස හැඳින්වෙන විශාල ශබ්දයක් ඇසෙන සේ ගීටාරයේ තත් තෙරපීමේ අති දක්ෂයකු ලෙස බටහිර සංගීත ලෝකයේ නම් දරා සිටි අයෙකි. ඒ හේතුවෙන් ඔහුගේ සංගීත නිර්මාණයන් ග්‍රැමී සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘රෙබල් රවුසර්’ හා ‘පීටර් ගන්’ යන සංගීත නිර්මාණයන් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

එඩි 1938 වසරේ අප්‍රේල් 26 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ උපත ලබා ඇති අතර ගිටාර් වාදනය ප්‍රගුණ කර ඇත්තේ ළමා වියේ සිටය. ඩුවාන් එඩි 1994 වසරේදී රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට (රොක් ඇන්ඩ් රෝල් ෆෙම්) ඇතුළත් විය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment