වර්ජනය නැවතුනත් ඊයේ උදේත් දුම්රිය ගමන් වාර 44ක් අවලංගුයි

74

දුම්රිය රියැදුරන් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අවසන් වුවද ඊයේ (14දා) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 44ක් පමණ ධාවනය වී නැත.

එම රියැදුරු සංගමය 11 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අගමැති හා දුම්රිය සාමාන්‍යාධිකාරි සමග පැවති සාකච්ඡාවකින් පසුව පෙරේදා (13දා) රාත්‍රි 10.00ට පමණ අවසන් කර තිබිණි.

කෙසේ වෙතත් දුම්රිය රියැදුරන් නැවත සේවයට පැමිණීමේදී තිබූ ප්‍රමාදය හා අතරමග නවතා දමා ගොස් තිබූ දුම්රිය නැවත ධාවනය කිරීමට ප්‍රමාද වී ඇත. එබැවින් ඊයේ (14දා) පෙරවරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්ව නොතිබුණු අතර ඒ හේතුවෙන් මගීහු අපහසුතාවට පත් වූහ. කෙසේ වෙතත් ඊයේ (14දා) දහවල් වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment