කොරෝනා වසංගතය මැඬලීමට අසමත් වූ කියුබානු පාලකයන්ට එරෙහිව ජනතාව උද්ඝෝෂණයේ

231

 රටේ ආර්ථිකය කඩා වැටීමට එරෙහිව හා කොරෝනා වසංගතය පාලනය කිරීමට පාලකයන් අසමත් වීමට එරෙහිව දහස් ගණනක් වන කියුබානු ජාතිකයෝ ඊයේ (12දා) දිනයේ සිට අගනුවර වන හවැනා
 
 නගරයේ හා වෙනත් නගරවල එරට කොමියුනිස්ට් රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ. දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන මෙම දැවැන්ත උද්ඝෝෂණයට සහභාගි වන විරෝධතාකරුවෝ වීථිවල පෙළපාලි පවත්වමින් කියුබාවේ ඒකාධිපති පාලකයන්ට බලයෙන් ඉවත් වන ලෙස ඉල්ලා තිබේ.
 
 කියුබානු රජයට කොරෝනා වසංගතය නිසි ලෙස පාලනය කිරීමට නොහැකි වීම හා කොරෝනා එන්නත්කරණය මන්දගාමීව සිදු වීම පිළිබඳව උද්ඝෝෂකයෝ සිය විරෝධය පළ කර ඇති අතර මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සීමා කිරීම් සම්බන්ධයෙන් ද ඔවුහු සිය නොසතුට පළ කර තිබේ. පෙරේදා (11දා) දිනයේ කියුබාවෙන් කොරෝනා ආසාදිතයන් 7000 ක් හා කොරෝනා මරණ 47 ක් වාර්තා වී තිබිණි. කොරෝනා එන්නත්කරණ වැඩසටහන වේගවත් කරන ලෙසද උද්ඝෝෂකයෝ පාලකයන්ගෙන් ඉල්ලා තිබේ. පොලිසිය විසින් මෙම උද්ඝෝෂණවලට සහභාගි වූ ඇතැමෙකුට පහර දී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment