සත්කාරකයන් හඬවා ඉතාලිය යූරෝ පාපන්දු ශූරතාව රැගෙන යයි

185

 වසර 53කට පසු යූරෝ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉතාලිය ඊයේ (12 වැනිදා) සමත්විය. එ් අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.
 
 එංගලන්තයේ ඓතිහාසික වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී පළමු අර්ධයේ දෙවැනි මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සත්කාරක එංගලන්තය සමත්විය. එ් අනුව එල්ල වූ පීඩනයත් සමගින් පළමු අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම අසමත්වීම මත තරගයේ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් නිමා කිරීමට සත්කාරක කණ්ඩායම සමත්විය.
 
 තීරණාත්මක දෙවැනි අර්ධයේ 67 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගයට අවතීරණ වීමට ඉතාලි කණ්ඩායම සමත්වීම මත අවසන් මිනිත්තු කිහිපයේදී එංගලන්තය දෙසට පීඩනය නතු විය. කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය නිමාවන විට දෙපිළම ගෝල 1-1ක් ලෙස සමතැන් ගෙන සිටීම හේතුවෙන් තරගයට අතිරේක කාලයක් ලබා දුන්නද එහිදී ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය. එ් අනුව තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම තේරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරුණු දඬවම් පහර අවස්ථාවේදී ගෝල 3ක් වාර්තා කරමින් යූරෝ කුසලානය තමන් සතු කර ගැනීමට ඉතාලිය සමත් වෙද්දී එංගලන්ත කණ්ඩායමට ගෝල 2කින් පමණක් සෑහීමකට පත්වන්නට සිදුවිය.
 
 අදාළ තරග ජයත් සමගින් ඉතාලි කණ්ඩායම ජගත් පාපන්දු පිටියේ පිට පිටම වාර්තා කළ 34 වැනි තරග ජයග‍්‍රහණය මෙය වන අතර ඔවුන් යූරෝ පාපන්දු ශූරතාව දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය ලෙසින්ද හැඳින්වේ. ඉතාලිය මීට පෙර 1968දී පළමු වරට යූරෝ පාපන්දු කුසලානය ජයග‍්‍රහණය කර තිබිණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment