දමිතා බලන්න සජිත් පොලිසි යයි – විපක්‍ෂයේ සහාය ඉල්ලන ආණ්ඩුව  පුරවැසියන් දඩයම් කරනවා

79

මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08දා) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය.

පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න පෙරේදා (08දා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණ්ඩුව පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටිය ද ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන්ව දඩයම් කරමින් සිටින බව ද මෙහිදී මාධ්‍ය හමුවේ ප්‍රේමදාස මහතා පැවසීය.

මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව ද කීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment