ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉංගිරිය ශාඛාව නව පරිශ්‍රයක දී විවෘත වේ

124

රජිත ප්‍රනාන්දු – හඳපාන්ගොඩ

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉංගිරිය ශාඛාව, පසුගිය දා නව පරිශ්‍රයක දී විවෘත විය. 2011 වසරේ දී ආරම්භ වූ ඉබ්බාගමුව ශාඛාව දශක 1කට අධික කාලයක් ඉහළ ගනුදෙනුකාර සේවාවක් සපයා ඇත.

ඉංගිරිය, රත්නපුර පාර, අංක 95 දරණ නව පරිශ්‍රයේ ඉදිකල ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති කේශිලා ජයවර්ධන මහත්මිය සහභාගී විය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ලක්ශ්මන් ගාමිණී, සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස්, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ රවීන්ද්‍රන්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝමා ගෝමස්, සහකාර සාමාන්‍යාධිකාරි සන්ද්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද, ප්‍රාදේශීය කළමණාකරු චම්පිකා අත්තනායක ඇතුඵ ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය සහ ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මුල්දින තැන්පතු භාරගැනීම ආරාධිතයන් අතින් සිදුවූ අතර මුල් දින තැන්පතුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති කේශිලා ජයවර්ධන මහත්මිය වෙත භාරදීම සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment