ගෑස් නැවක් එයි

204


ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට අද ළඟා විය.
ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට සවස පැමිණේ.
පළමු නෞකාව අද පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව 15 වැනිදා මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි.
ජුලි 12 වැනිදා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදුවන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලු‍ම සම්බන්ධයෙන් පැවති ගැටලු‍ව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මගහැරෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment