රඹුක්කනදී වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න අවසර

210


රඹුක්කන දී පැවති පැවති උද්ඝෝෂණයේදී පුද්ගලයකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද නියෝගය අදපස්වරුවේ පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇත.
ඒ අනුව අදාළ නියෝගය පරිදි වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යෑම ඝාතනයක් බවට තීරණය කළ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙඩිතැබීමට නියෝග කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ වෙඩි තැබූ පොලිස් නිලධාරීන් ඇතුළු සිද්ධියට සැකකරන සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment