ගාලුමුවදොර ITC රත්නදීප සුපිරි හෝටලය ජනපති අතින් විවෘත වෙයි

344

ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප අධි සුඛෝපභෝගී හෝටලය විවෘත කිරීම උත්සවය ඊයේ (25දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ සන්ජිව් පුරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment