60 ට වැඩි අයට තුන් වැනි එන්නත දීම අද සිට

109

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත‍්‍රාව ලබාදීම අද (17දා) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක 08 හි පදිංචි අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත‍්‍රාව ලෙස මෙම ෆයිසර් එන්නත ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දෙවැනි මාත‍්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත‍්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බව ඔහු පැවසීය. පළමු සහ දෙවැනි මාත‍්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්තද තෙවැනි මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment