රනිල් යළි ජනපති කරන්න පක්ෂ රැසක් සැරසෙයි

903

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇත.එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවදානයක් යොමුවී තිබේ.ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුවී ඇත.ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment