මැයි උද්ධමනය 22.1% දක්වා පහළට

67

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ මැයි මස උද්ධමනය සියයට 22.1ක් දක්වා පහත වැටී ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 33.6 ක් විය. මුළු උද්ධමනය නියෝජනය කරන ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස වාර්තා වූ සියයට 27.1 සිට ඉකුත් මැයි මාසයේදී සියයට 15.8ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මස වාර්තා වූ සියයට 39.0 සිට මැයි මාසයේ දී සියයට 27.6 ක් දක්වා ද පහත වැටී ඇත.

ආහාර කාණ්ඩය සැලකූ විට මැයි මාසයේදී මාළු, එළවළු, සීනි, කුකුළු මස්, පරිප්පු, අර්තාපල්, ඉඟුරු, සුදු ලූනු, ලොකු ලූනු, දෙහි, කරවල සහ ටින් මාළු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇති අතර අලුත් පලතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස් කුඩු, පොල්තෙල්, සාමාන්‍ය පාන්, බිත්තර, අමු මිරිස්, වියලි මිරිස්, කහ කුඩු, කව්පි සහ රතු ලූනු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ද සිදුව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment