පාකිස්තාන් ටෙහෙරික් තාලිබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ගොදුරු වූ මලාලා යූසුප් විවාහ වෙයි

676

තරුණියන්ට අධ්‍යාපනය ලබාදීමට ක‍්‍රියා කිරීම නිසා පාකිස්තාන් ටෙහෙරික් තාලිබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක් වී දිවි ගලවා ගත් යූසුප් මලාලා මේ සතියේදී යුගදිවියට පිවිසි යාය.

පාකිස්තාන් ටෙහෙරික් තාලිබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ගොදුරු වූ මලාලා යූසුප් විවාහ වෙයි

2012 ඔක්තෝබර් 9 දා විභාගයට පෙනී සිට ආපසු නිවසට යෑම සඳහා බස්රියක් එනතුරු බස් නැවතුම්පළේ සිටි ඇය ත‍්‍රස්ත වෙඩි පහරින් බිම ඇද වැටුණි. රාවල් පින්දි රෝහලට ගෙන යෑමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ වීම නිසා ගුවන් මගින් බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම් රෝහලට යැවීමට බලධාරීහු ක‍්‍රියා කළහ. ශල්‍යකර්ම කීපයකට ලක්කිරීමෙන් පසු ඇගේ හිසේ තිබූ උණ්ඩ කීපයක් ඉවත් කෙරුණි. ස්විඩනයේ නොබෙල් කමිටුව ඇයට සාම ත්‍යාගයක් පිරිනමනු ලැබීය. එහෙත් පාකිස්තාන් ටෙහෙරික් තලෙයිබාන් සංවිධානය ඇයට මරණ තර්ජන එල්ල කිරීම නතර කළේ නැත. වයස 15 දී ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක් වූ මලාලා විවාහ වූයේ පාකිස්තාන් ක‍්‍රිකට් මණ්ඩලයේ ප‍්‍රගති මධ්‍යස්ථානයේ කළමනාකර අසර් මලික් සමගය. එම විවාහය නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම් නුවර පිහිටි ඇගේ නිවසේදී උත්සවයක් පැවැත්වුණි. මලාලා යූසුප් විවාහය ගැන ඇසූ මුවිටර් අඩවිය භාවිතා කරන්නන් 227000 ක් ඇයට ශුභ පතා ඇත. මලාලා විවාහ වන විට 24 හැවිරිදි වියේ පසුවිය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment