තැපෑලේත් ‘මත් ඉත්තෝ’ සැකකරුවන් අල්ලන්න මෙහෙයුම්

87

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුකරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට එහි සේවය කරන සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර මධ්‍යම තැපෑල හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ ඒකකයක් එහි ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

මධ්‍යම තැපෑල හරහා පැමිණි ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5 ක් ඉන් පිට කිරීම සඳහා උත්සාහ කළ එහි සේවකයන් දෙදෙනකු සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක පිරිස පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරියකු කියා සිටියේ දීර්ඝ කාලයක සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවයි. තැපෑල හරහා විදේශ රටවලින් මෙරටට පැමිණෙන මත්ද්‍රව්‍ය පාර්සල් එහි සේවය කරන සංවිධානාත්මක පිරිස විසින් ඉතාම සූක්‍ෂම ලෙස පිටකර ඒ සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව මේ වන විට හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment