පින්නවල අලින්ට කොරෝනා නෑ… නිරතුරුවම පී. සී. ආර්. සහ ඇන්ටිජන් කරනවා

135

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලින් අසූදෙදෙනාට නිරන්තරයෙන්ම පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවත්, ඔවුන් කිසිවෙකුටවත් කොවිඞ් ආසාදනය වී නොමැති බවත් එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය ‘දිවයින’ට ඊයේ (03 දා* පැවසුවාය.

එසේම දැනට එහි සේවයේ නියුතු 20ක පමණ කාර්ය මණ්ඩලයට ද නිරතුරුවම පී. සී. ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව ද ඇය සඳහන් කළාය.

මේ අතර පසුගියදා එහි ‘සුරංගි’ නමැති කෙනර විසින් බිහි කළ පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, එම පැටවුන් දෙදෙනා ළඟ සිටින සුරංගි නමැති කෙනර හා පිරිමි අලියාට නිරන්තරයෙන් පී. සී. ආර්. සිදුකරන බවත් ඇය කියා සිටියාය.

එසේම මෙම සියලූ අලින්ට දිනපතා සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන ලබාදීමේ කටයුතු සිදුකරන බව ද ඈ පැවසුවාය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පින්නවල අලි අනාථගාරය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත වන දිනයක් නිශ්චිත වශයෙන් කිව නොහැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment