සෙමෙන් පන්දු යැව්වාට තවත් ලකුණක් කැපේ

204

අයිසීසී සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාවට මෙතෙක් හිමිව තිබූ ලකුණු 13 න් තවත් ලකුණක් පසුගිය 20 වැනිදා පැවැති එක්දින තරගයේදී අහිමි වූ බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට ඊයේ (22දා) නිවේදනය කර ඇත.
 
 ශ‍්‍රී ලංකාව එම තරගයේදී පන්දුවාර ප‍්‍රමාණය සෙමෙන් යැවීමේ චෝදනාව මත මෙසේ ඔවුන්ට ලකුණක් අහිමිව ගොස් ඇති අතර, ක‍්‍රීඩකයන්ට හිමිවිය යුතු තරග ගාස්තුවෙන් සියයට 20 ක් ද දඩ වශයෙන් කපාහැර ඇත.
 
 අයිසීසී සුපර්ලීග් එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග 11 කට සහභාගි වී එම තරගාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 12 වැනි ස්ථානයේ පසුවේ.
 
 අදාළ තරගයේදී ශ‍්‍රී ලංකාව පන්දුවාර තුළදි ලකුණු 276 ක් රැුස්කළ අතර ඉන්දියාව පන්දුවාර 49.1 කදී කඩුලූ 3 ක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
 
– කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment