මුරුගසං වරුසාවට කොටු වූ සිසුන්ට අත්වූ ඉරණම

338

දැඩි වැසි සහිත රාත්‍රියක දී පන්ති කාමරයක් තුළ තනි වන්නට සිදුවන ගුරුවරියකටත්, ඇගේ සිසුන් පිරිසටත් මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාව වටා The Wacky සිනමාපටය නිර්මාණය වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටයට අනුව පන්ති කාමරයෙන් පිටත ඇද හැළෙන්නේ සාමාන්‍ය වැස්සක් නොව, අම්ල වැස්සක් වීමය. Wacky යනුවෙන් හැඳින්වෙන එම අම්ල වැස්සට හසුවන ඕනෑම අයෙක් ‘Sombie ශරීර බවට පත්වන අතර අවසානයේ දී ඔවුන්ට අත්වන්නේ වේදනාත්මක මරණයකි. අම්ල වැස්සට හසුවී ‘Sombie’ ලෙසට විකෘති වූ පිටත පුද්ගලයින් ගෙන් බේරී තම දිවි ආරක්ෂා කරගැනීමට සිසුන් සහ ගුරුවරිය ගන්නා උත්සාහය මෙම චිත්‍රපටයෙන් ගෙන හැර පායි. මෙය Horror ශානරයේ කතා තේමාවක් අනුව ගෙතුන චිත්‍රපටයකි.

The Wacky චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සමෘද්ධි රණසිංහ විසිනි. NIBM පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙනුවෙන් මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ D.M.A කුලසූරිය මහතාය. අධ්‍යක්ෂක සමෘද්ධි රණසිංහ සමගින් සරත් කරුණාරත්න සහ කෞෂි සිරිවර්ධන දෙදෙනාත් එක්ව මෙහි කතාව සහ තිර පිටපත ගොඩ නඟා තිබේ. කැමරා අධ්‍යක්ෂණය දිමුතු කාලිංග රත්නායක විසිනි. මාලිංග වීරක්කොඩිගේ සංස්කරණයෙන් හැඩව තිබෙන The Wacky හි කලා අධ්‍යක්ෂණය නුවන් සනුරන්ඛ ගෙනි. ප්‍රියන්ත දිසානායක වේෂ නිරූපණයෙනුත්, ඊෂා ජයසිංහ ඇඳුම් නිර්මාණයකරණයෙනුත්, එක්ව තිබේ.

චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ශබ්ද පරිපාලනය සිදු කර තිබෙන්නේ හේමක විජේරත්නය. මෙය NIBM වෙනුවෙන්, Water mark Productions සහ Peppermint Productions ඉදිරිපත් කිරීමකි. චිත්‍රපටයේ පළමු මංගල දර්ශනය

පසුගියදා කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී පැවැත්විණි. The Wacky හි තවත් පුළුල් තිර ප්‍රදර්ශන කිහිපයක්ම ඉදිරියේ දී තිරගත කිරීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment