සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වර්ජනයේ

30

රෝගීන්ට වන අපහසුතාවේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – රවි කුමුදේශ්

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක දීමනාව තමන්ටද ලබාදීමට රජය පියවර නොගැනීම හේතුවෙන් අද (01 දා) දින සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් වැඩවර්ජනයක නිරත වන බවත්, ඉන් රෝගීන්ට සිදුවන අපහසුතාවයන්හි වගකීම රජය භාරගත යුතු බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා “දිවයින” ට ඊයේ (31දා) පැවසීය.

දිවයින පුරා ඇති රෝහල්වල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩවර්ජනය සඳහා ලක්‍ෂයකට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සම්බන්ධවන බවද හෙතෙම කියා සිටියේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන රු.35,000ක ඩැට් දීමනාව තමන්ටද ලබානොදීම ගැන විරෝධය පාමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත්, අද දිනයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන මොහොතේ හෝ තමන්ට සාධාරණය ඉටු නොවුණ හොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවත් හේ සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයිද ඒ මහතා කීය.

මෙලෙස වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද සංවේදී රෝහල් වන මහරගම අපේක්‍ෂා රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, මාලිගාවත්ත වකුගඩු රෝහල, මාතෘ රෝහල්, ජාතික මානසික විද්‍යා ආයතනය හා නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වර්ජනය සඳහා එක්කර නොගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment