නව වේත්‍රධාරී කුෂාන් වැඩ අරඹයි

464


පාර්ලිමේන්තුවේ 07 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා ඊයේ (31) පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

කුෂාන් සම්පත් ජයරත්න මහතා 1994 වර්ශයේ සිට 2007 වර්ෂය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාන්විත රාජකාරි කොට තිබේ. ඒ මහතා හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසැලෙන් ප්‍රාථමික අධ්‍යාපනය නිම කොට ද්විතීක අධ්‍යාපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරා තිබේ.

ජයරත්න මහතා කළමනාකරණය සම්බන්ධයෙන් සිය පළමු උපාධිය ජෙනරල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.. එසේම ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හදාරා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment