නිධානයකින් ගත් බුදු පිළිමයක් එක්කෝටි තිස්ලක්‍ෂයකට විකුණන්න යද්දී මාට්ටු

68

උතුරුමැද නිධානයකින් ගත් දඹ රන් බුදු පිළිමයක් යැයි පවසමින් රුපියල් එක් කෝටි තිස්ලක්ෂයකට විකිණීමට ගිය බුදු පිළිමයක් සමග සැකකරුවන් දෙදෙනකු මැදවච්චිය, පරණහල්මිල්ලෑව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විෂේශ කාර්යය බළකාය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇටඹගස්කඩ, මාමඩුවපාර, වව්නියාව ලිපිනයේ පදිංචි චාමර සම්පත් සහ පාවක්කුලම වවිනායාව ලිපිනයේ පදිංචි පන්හීර් සෙල්වන් තුෂාන්තන් නමැති 28 හා 32 හැවිරිදි තරුණ සැකකරුවන් දෙදෙනෙකි.

අද (16දා) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි. මෙම සැකකරුවන් විසින් නිධානකින් ගත් දඹ රන් බුදු පිළිමයක් යැයි පවසමින් රුපියල් එක් කෝටි තිස්ලක්ෂයකට මෙම බුදු පිළිමය විකිණීමට සැලසුම් කර තිබුණි. අනතුරුව ගැනුම්කරුවකු ලෙස ආ පොලිස් විෂේශ කාර්ය බළකා නිලධාරීන් එම බුදු පිළිමය අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත. උස අඟල් 05 ක් පමණ වන මෙම බුදු පිළිමය කිලෝ 01 ග්‍රෑම් 546 ක් බර ඇත.

අනතුරුව සැකකරුවන් සහ බුදු පිළිමය පූනෑව පොලිසිය වෙත වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා භාර දී ඇත.
මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment