ලේඛනාරක්ෂකය ජනතා අදහස් ඉල්ලයි

128

ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනය සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇත.

මේ සඳහා විශාල උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට නිල වෙබ් අඩවිය වන www.archives.gov.lk මගින් ප්‍රතිපත්ති කෙටුම්පත බාගත කරගත හැකි අතර මාර්ගගත පෝරමයන් මගින් ඔබගේ අදහස් ඉදිරිපත් කළ හැකිය. එසේත් නැත්නම් දෘඪ පිටපතක් කොළඹ ප්‍රධාන කාර්යාලයට හෝ මහනුවර පිහිටි ශාඛා කාර්යාලය වෙතින් පැමිණ ලබාගත හැකියි. මහජන අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2023.08.07 දින දක්වා විවෘතව පවතී. තොරතුරු ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්‍ෂක ලසිතා ආරියරත්න මෙනවිය ඇමැති යුතු වේ. (0718032247)

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment