මත්පැන් නිෂ්පාදනය 9.9%කින් ඉහළට

180

මෙරට මත්පැන් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 09.9කින් වැඩි වී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් එම වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනය 2021 වර්ෂයේ දී ලීටර් මිලියන 37.5 සිට 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 41.2 දක්වා වැඩි වී ඇති බව ද මෙම වාර්ෂික වාර්තාවේ සඳහන්ය. මත්පැන් මත පැනවූ සුරාබදු ආදායම 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 138.6ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 165.2 දක්වා සියයට 19.2කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් ආශ්‍රිත නිෂ්පාදනවල ඉලක්කගත ආදායම ඉහළ නැංවීම සඳහා ආරක්ෂිත සලකුණු හා ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතියේ ඇති ගැටලු විසඳීමට නිසි අධීක්ෂණ පද්ධතියක් සහතික කළ යුතු බව ද මෙකී වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment