දේවාලවල දෙවියන්ට වශී ගුරුකම් කළ හැකිද

318

මට ලැබෙන දුරකථන ඇමතුම් හින්දම මේක ලියන්න හිතුණා. ඉස්සර කාලේ මිනිස්සු දෙවියන් ඇදහැව්වේ හරි පුදුම විදියට. ගස්කොළං වේලිලා ගස් දෙකක් එකට ඇතිල්ලිලා ගින්නක් හටගත්තාම මිනිහා කිව්වේ වනදෙවියො කෝපවෙලා කියලා. ගිනි කන්දක් පුපුරා ගියාම කිව්වේ ගිනිදෙවියො කෝපවෙලා කියලා. කොටින්ම කිව්වොත් විහාර මහා දේවිත් ලංකාවට ආවේ මුහුද කෝපවෙලා කියලනේ. සුනාමියක් නිසා නොවෙයිනේ. ඒ කිව්වේ රටේ රජ්ජුරුවොත් හිතුවේ ඒ විදියට. තාක්‍ෂණය කියන එක බිංදුවටම බැහැලා. රටේ රජ්ජුරුවොත් එහෙම හිතුවා නම් රටවැසියා ගැන මොන කතාද?

රට කරවපු රජවරු ආවේ වැඩිපුරම ඉන්දියාවෙන්. ඒ අය ලංකාවේ පන්සල් හදාගෙන එහි තුළ බුදුරුවට ලොකු තැනක් භක්තියක් තබලා වන්දනා මාන කළා. ඒ වුණාට ඒ අයගේ බිසවුන්වරු වැඩි දෙනෙක් ඇදහැව්වේ හින්දු ආගම. ඒ අයට වන්දනාමාන කරන්න වෙනම තැනක් හදා දෙන්න අකැමැති වූ රජවරු පන්සල තුළ එක් පැත්තක දේව රූප තබලා වන්දනාමාන කරන්ට ඉඩ සැලැස්සුවා. ඊට පසු කාලෙක එක එක අවශ්‍යතාවයන් සඳහා දේවාල කුටි හැදුවා. අදත් පැවැත්ම ඒකම තමා. වර්තමානව අපේ හාමුදුරුවෝ ඒක ව්‍යාපාරයට හරවා ගත්තා.

කතරගම දෙවියන්ට වල්ලි මාතාව යාළුකරගන්ට ඕන උනාට වශී මන්ත්‍ර කිව්වේ නැහැ. පොඩිමල්ලි කුමාර (ස්ඛන්ධ කිව්වේ පසුකාලෙක) ලොකු අයියාට කියලා අලි වෙසක් මවලා වල්ලි නෝනාව බය කරල භාර්යාව කරගත්තා. දෙවියන් වුණත් ආරම්භයට කලේ වංචාව නොවෙද. ඕනෑම කෙනෙක් මිනිස් කටහඬක් නොඇසෙන පාළු කැලයක අතරමංවෙලා තදින් බය වුණාම වැද්දෙක්ගේ හරි කරේ එල්ලෙනවා. දෙවියො කියන්නෙ අපි හිතනවට වඩා දියුණු භක්තිමත් ශක්තියක්, මිස ඔය විදියේ සත්ව රූප තිබෙන භයංකාර පෙනුම තිබෙන කටින් ලේ ගලන අය නොවේ. ඒක නිසානේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම බණ කිව්වෙත්. ප්‍රශ්න විසඳුවෙත් දෙවියන්ගෙ මනේ. මංගල කරුණු දේශනා කළේ මතකනේ. නමුත් භයානක රූප මවලා අපේ මිනිසුන්ව මුලා කළේත් අපේම කපු මහත්තුරු. කපු මහත්තුරු වැඩිදෙනෙක් මැරෙන හැටි බලන්න විඳවලා නේ. මනුෂ්‍යයා පූජනීයයි. ප්‍රධානයි. ඒක බුදු වචනය බුද්ධාගම කිව්වේ පැහැදිලි නිවැරදි දර්ශනයක්, පෙන්වාදීමක් මිස ආගමක් නොවේ. ආගම කිව්වේ නීතිරීති මාලාවක් ඇතිව කරගෙන යන සමාගමක් වගේ. නිතිපතා පල්ලියට නාවොත් මැරුණට පස්සෙ වළ දෙන්නෙ නැහැ. ඔය එක නීතියක්. දෙවියන් ළඟ බුදුන් ළඟ “වශී” ය නැත්තේ නැහැ. ඒ ඔවුන්ගේ සත්‍යතාවයට මිනිහා සතා සිව්පාවා වශීවෙලා මිස දේවාල ඇතුළේ කරන වශී නොවේ. රහතන් වහන්සේ වෙලත් බුදුහාමුදුරුවන්ට “වක්කලී” වශී වෙලා උන්වහන්සේගේ ශරීරය දිහා සැමවිටම බලා සිටියේ. ක්‍රිස්තුන් වහන්සේට අන්තිම දවස වෙනකං තම මිත්‍රයින් එකොළොස්දෙනා වශීවෙලා උන්වහන්සේ ළඟම හිටියේ. ඒකත් වශීයක් තමයි. විශේෂයෙන් කපු මහත්තුරු කියන විදිහේ වශී ගුරුකම්. තව කෙනෙකුට හිරිහැර කිරීම් ඔය දේවල තුළ නැහැ.

වශී ගුරුකම් කිව්වාම මතක් වන්නෙ “වලපනේ” පැත්තෙ කරන ජාවාරම් ගැන. ඔවුන්ගේ කුටිය තුළ තිරයෙන් වැසුනු දේවාලයක් තිබෙනවා. යහපත් ගුරුකම් අයහපත් ගුරුකම් ඔය දෙකම කරන්නෙ ඔය දේවාල තුළමයි. මේ දේවාල තුළ විදුලි බුබුලු දමලා. ලස්සන තිර රෙදි ඇදලා වෙසක් තොරන් වගේ. එක පැත්තක හොඳ දෙවියො. අනිත් පැත්තෙ නරක දෙවියොලු. මේ දෙගොල්ලො රණ්ඩු කරගන්නෙත් නැහැ. හරි පුදුමයි. එක කාලයක් මේ අදුරු දේවාල කුටිවල බබාලා නැති අයට දරුවො ලබාදෙන “සිව දෙවියො” ගැන දැන් වැඩියෙ කතා නැහැ.

ඒ දවස්වල බබාලා නැති අම්මංඩිලා දේවාල ඇතුළට ගිහිල්ලා මොකක්දෝ පූජාවක් කළාම දරුවො ලැබුණලු. දැන් ඒ පූජාව නැහැ වගේ.

සමහර අය දෙහි කපනවා. කපන කපන ගෙඩියේ රතු ලේ වැගිරෙනවා. හරි පුදුමයි. ඒ කපු මහත්තයා “කාලි” මෑණියන්ගෙ වරමින් කැපුවාමලු එහෙම වන්නේ. ඔය දෙහි කපන්න ඉස්සෙල්ලා ගිරේ තලේ වදමල් ඉස්ම ගාලා වේලෙන්න හරිනවා. ඊට පස්සේ දෙහි කපන කොට දෙහි ඉස්ම එක්ක වදමල් ඉස්ම මිශ්‍ර වුණාම ලේ වැගිරෙනවා තමයි. ඉතින් කොඩිවිනයේ කැපුනා කියනවා.

දෙවියො ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. එනම් අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා. විෂ්ණු – කතරගම – සුමන සමන්, පත්තිනි වගේ අය වෙනස් වන්නෙ නැහැ මහේශාක්‍ය දෙවිවරු. බුදුවරු බණ කිව්වේ ඒ අයට. දැඩිමුණ්ඩ, කඩවර, සූනියම් (මිනිසුන් විසින් ඔවුන්ගේ බඩ වඩාගන්න හදාගත්ත දෙවියො) අල්පේශාක්‍ය දෙවියො. දෙවියො වශී ගුරුකම් කරන්නෙ නැහැ.

වශී ගුරුකම් කරවන්නෙ ගුරුකම් කරන කට්ටඬියා කිසියම් අන්තර්භවයක සැරිසරන පාපකාරී දිෂ්ටියක් ලවා. ඔය එක දිෂ්ටියක් වත් විදුලි බුබුලු දමලා සුවඳ දමලා තිබෙන තැන්වලට දිෂ්ටි හෙළන්නෙ නැහැ. දිෂ්ටි වලට වරම් දී ඇත්තෙ වෙසමුණි රජ්ජුරුවො කියලා තමයි පැරණි මන්ත්‍ර පොතේ තියෙන්නෙ. මිනිසුන්ට වඩා මනුෂ්‍යත්වය ප්‍රබල වගේ, දෙවියන්ට වඩා දේවත්වය ප්‍රබලයි. අනුරාධපුරයෙ රත්නමාලිට ගහෙන් බහින්න කිව්වාහම බැහැ කිව්වා. රජතුමා අවශ්‍ය සෑය හැදුවේ නැද්ද. ඒ දේවිතාවියට අවශ්‍ය පුද පඬුරු (දැන් නම් අපි පූජාව කියනවා) දුන්නාම වැඩේ කෙරෙනවා. දිෂ්ටිය කරන්නෙත් ඕකමයි. “දේවො වස්සතු කාලේන” සුදුසු කාලයට වැසි වසීවි. මිස දෙවියො වැස්ස ඇති කරන්නෙ නැහැ. හැබැයි දේව විශ්වාසය දේව ඇදහිල්ල ආපුවාම ඒ දිනවල රජවරු කරපු ඒවාත් කරන අය වර්තමානෙත් නැතුව නොවේ. අර්ධ මානසිකත්වය. හැබැයි ග්‍රහ කිරණ සත්‍යයයි. ඒක නිසාම තමයි සෙනසුරාගේ නරක කාලයට ගේ දොරකඩ නුග පැළ සිටවන්නෙත්. රාහුගේ අපල කාලයට වැටකෙයියා පැළ සිටවන්නෙත්. ඒක විද්‍යාත්මක මතයක්.

තමනුන්ට දරාගත නොහැකි ප්‍රශ්න වලට නේ දේවාලවලට යන්නේ. එතකොට වශී ගුරුකම් කරන කපු මහත්තුරු ගිය මනුෂ්‍යයාගේ මානසික තත්ත්වය විකෘති කරනවා. යටි මනසට (Sub Concions) ඇතුල් වූ දෙයක්/අදහසක් ඉවත් කරන්න ටිකක් අමාරුයි. නිර්භයව දේවාලයට ගිය කෙනාව බය කරන්නෙත් දේවාලය ඇතුළතින්මයි. කෙසේ හෝ එහෙම නූණොත් කියනවා මෙයාගේ ශරීරයේ බලවත් දිෂ්ටියක් තිබෙනවා කියලා. මේ සිද්ධිය මට වෙලා තිබෙනවා.

වශී ගුරුකම කිව්වේ කිසියම් හෝ ප්‍රාණ දිෂ්ටියකට මන්ත්‍ර භාෂාවෙන් යමක් ආරූඪ කර ඒ වෙනුවෙන් පුද පූජා දී දිෂ්ටි/ජප මන්ත්‍ර වලින් ගෙන්වා අවශ්‍ය කාරණාව ඉටුකර ගැනීමක්. හරියට පිල්ලි යැවීම වගේ. වශී ගුරුකම කරල ඒක පාන්දර කිරි දල්ලකට හෝ කයිල දල්ලකට ඇල්ලුවාම ඒ දල්ල තම දෙසට හැරෙනව නම් ගුරුකම හරි. නැත්නම් තව මතුරන්න ඕනෑ.

අනික තමයි නොමිලේ කරන ගුරුකම්. මේවාට රැවටෙන්න එපා. කෑම දිරවන්න ගුරුකම් කරන්නෙ නැහැ. ඔබ මානසිකව වැටෙන්න එපා. ඔය දේවාල වල ඇති කරන ශබ්ද වලට, කොන්ඩේ කඩාගෙන නැටුවට ඔබ නටන්න එපා. මනුෂ්‍යයා ප්‍රධානයි. ශාස්ත්‍රය රවටන්න ඉඩදෙන්න එපා. එහෙම වුණොත් ශාස්ත්‍රය පිරිහේවි.

දේවාලවල දෙවියන්ට වශී ගුරුකම් කළ හැකිද

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment