පසුපස ආර පිහිනුම් තරගයේ ලෝක වාර්තාව ඉස්සරහට

259

ඔස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශූරියක වන කයිලි මැක්ඔවෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර පැවති ලෝක පිහිනුම් ශූරතා තරගාවලියකදී මීටර් 50 පසුපස ආර (බැක් ස්ට්‍රෝක්) පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලමින් පිහිනුම් ඉසව් තුනක ලෝක වාර්තා උසුලන ප්‍රථම පිහිනුම් ක්‍රීඩිකාව බවට පත්වූවාය. බුඩාපෙස්ට් නගරයේ පසුගියදා පැවති ඩුනා ඇරීනා ලෝක තරගාවලියේදී කයිලි මීටර් 50 පසුපස ආර ඉසව්ව තත්ත්පර 26.86කින් නිම කරමින් චීන ක්‍රීඩිකා ලියු සියැන් විසින් 2018 වසරේදී එම ඉසව්ව තත්ත්පර 26.98කින් නිම කර නව ලෝක වාර්තාවක් බිඳලීමට සමත් වූවාය. මේ සමගම 22 හැවිරිදි කයිලි මෙම වසරේ මීටර් 50,100 හා 200 පසුපස ආර යන පිහිනුම් ඉසව් තුනෙහිම ලෝක වාර්තා හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථම ක්‍රීඩිකාව බවට පත්ව ඇත. ලබන වසර තමාට තවත් අභියෝගාත්මක වසරක් බව මාධ්‍යට පවසා ඇති කයිලි විශ්වාසය ගොඩනඟමින් එම වසරට මුහුණ දීම තම අරමුණ බව අවධාරණය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment