ප්‍රවීණ ගීත රචකයෙක් දිවි සැරිය නිම කරයි

377


ප්‍රවීණ ගීත රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 81ක් වැනි වියේ පසු විය.ඒ මහතා ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4,000කට ආසන්න ප්‍රමාණයක් දායාද කර ඇත.

ශ්‍රීණි විභූෂිත ලංකා, කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද, දුනුකෙයියා මලක් වගේ, මැණිකේ ඔබේ සිනාවේ, නෙත් යුග රන් තරු යුවළ සමයි, සඳක් නැගී සඳක් ගිලෙයි ආදරේ වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතුරින් කිහිපයකි.

හේම ශ්‍රී මහතාගේ දේහය 50,9 මැද පාර තල්පිටිය උතුර වාද්දුව නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ඉරිදා සවස 4 ට තල්පිටිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment