එයාර්ටෙල් ලංකා 2021 NBEA සම්මාන උළෙලේදී ඇගයීමට

79

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) නැවතත් සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී “වෙනත් සේවා/වෙනත් අංශ” යන කාණ්ඩයෙන් කුසලතා සම්මානය දිනා ගැනීමට එයාර්ටෙල් සමාගමට හැකි විය- නව්‍ය සහ තෘප්තිමත් පාරිභෝගික අත්දැකීම් නිර්මාණය කරන අතරම, ශ්‍රී ලංකාව අඛණ්ඩව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ සිය සමාගමේ අඛණ්ඩ ආයෝජනය අගය කිරීම උදෙසා මෙම සම්මානය හිමිකර ගැනීම විශේෂයෙන් කැපී පෙනිණි.ලබා ගත් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ, “මෙවැනි පිළිගත් ව්‍යාපාරයන් අතර ඇගයීමට ලක් වීම සැබවින්ම ගෞරවයක්. පසුගිය වසරේදී අපගේ සමාගම සෑම අංශයකින්ම විශිෂ්ටත්වය පෙන්නුම් කරනු ලැබුවා.

advertistmentadvertistment
advertistmentadvertistment