මාව යවලා කැමති තීන්දුව ගන්නැයි ජනපතිට කීවා – ක්‍රීඩා ඇමැති රොෂාන් මැතිසබයේදී කියයි

248

ඇමැති රොෂාන්ගේ විකට්ටුව දැවෙයිද?

ජනපති පත්කළ කැබිනට් අනුකමිටුවට පළමු වෙඩිල්ල එල්ලවෙයි

අතුරු කමිටුව කිසිසේත් ඉවත් නොකරන බව මම කීවා

ක්‍රිකට් දූෂකයෝ ගැන ගත් තීන්දුව: අද විශේෂ ප්‍රකාශයක් කරනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අතුරු කමිටුව වහා ඉවත් කරන ලෙස කැබිනට් හමුවෙන් පසු ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් එහිදී කිසිසේත්ම තමා පත් කළ කමිටුව ඉවත් නොකරන බව තමන් ජනාධිපතිවරයාට කී බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව තිබෙන දූෂණ පිළිබඳ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් අද (08) උදෑසන පාර්ලිමේන්තුවට සිදුකරන බවත් ඒ සඳහා තමන්ට වේලාව වෙන් කර දෙන මෙන් විශේෂ ඉල්ලීමක්ද කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕනෑ. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා මම පත්කරපු කමිටුව අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා මම කිව්වා. මේගොල්ලෝ කරලා තියෙන දූෂණ අනුව පට්ට හොරු රැලක්. ගැඹුර පේන්නෙත් නෑ. හෙට අනිද්දා ටී 10 කියලා එකක් ගහන්න යනවා. ඒකෙ මගඩිය තව එකක්.

විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නඩු පවරන්න නීතිපතිතුමාට දෙනවා. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. විගණනය සම්බන්ධ ගැටලුවකට අධිකරණයට ගියත් අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය මේ උත්තරීතර පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ අරගලයක් එක්කයි මම වගකීම භාරගත්තේ. ඒ වගකීම හරියට කරන්න උපරිමයෙන් කැපවෙනවා.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment