ඇෆ්ගනිස්ථාන ආර්ථිකය නව සාමාන්‍යකරණයට ලක්විය යුතු බව ලෝක බැංකුව කියයි

124


ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය නව සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදයට අනුව හැඩ ගැසිය යුතු බව ලෝක බැංකුවේ ඇෆ්ගනිස්ථාන සඳහා අධ්‍යක්ෂ මෙලින්ඩා ගුඩි මහත්මිය පවසයි.ලෝක බැංකු වාර්තා අනුව මේ වන විට එරට ආර්ථිකය සැලකිය යුතු හැකිලීමක් පවතින බවද උද්ධමනය ඉහළ යාම සමග ඇතැම් ආර්ථික දර්ශක වලද ඉහළ යාමක් දක්නට ඇතැයිද සඳහන් කරයි.කෙසේ වෙතත් 2021 පැවති ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට වඩා නව සාමාන්‍ය තත්ත්වයකට හැඩ ගැසෙමින් පවතින බවද පවසයි.එහිදී එරට ප්‍රධාන භූමිකාව වන කාන්තාවන්ගේ සුභ සාධනය සහ ජීවන තත්ත්වය පසුගිය කාලය තුළ සුළු දියුණුවක් පෙන්නුම් කරන බවද සඳහන් කරයි.2022 වසරේදී එරට ආර්ථිකයට අනුව දළ දේශීය නිෂ්පාදන අඩුවෙමින් පවතින බවද රාජ්‍ය වියදම් තියුණු ලෙස පහළ වැටෙමින් පවතින බවද පවසයි.එසේම ගෘහස්ථ ආදායම් ද අඩුවී ඇතැයි සඳහන් කරයි.කෙසේ වෙතත් 2023 වසර වන විට ඇෆ්ගනිස්ථාන ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පවතින බවද ලෝක බැංකු වාර්ථා මගින් පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment