අසරණ ජනතාව මත රජය අධික බදු බරක් පටවලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තෛපොංගල් උත්සවයේදී කියයි

34

උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත්භාවයකට පත් වූයේ පැවැති රජයේ අදූරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්ති හේතු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුළු එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුළ අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගීසිටිනවාද යන්න ජනතාව තීන්දු කළ යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගීසිටීමට ධෛර්යය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අසරණ ජනතාව මත රජය අධික බදු බරක් පටවලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තෛපොංගල් උත්සවයේදී කියයි
අසරණ ජනතාව මත රජය අධික බදු බරක් පටවලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තෛපොංගල් උත්සවයේදී කියයි
advertistmentadvertistment
advertistmentadvertistment