බෙලිඅත්ත අධිවේගී පිවිසුමේදී බස් රියක් ගිනි ගනී

311

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඊයේ (15 දා) සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමට ලක්ව ඇත.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ මෙම බස් රථය මුළුමනින්ම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර තිබිණි.

බෙලිඅත්ත අධිවේගී පිවිසුමේදී බස් රියක් ගිනි ගනී

බස් රථයේ ගින්නෙන් එහි ගමන් ගත් මඟීන්ට කිසිදු හානියක් සිදුව නැතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගී මාර්ගයේ කොටස ඊයේ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව කසාගල පිවිසුමෙන් පිටවන රථවාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

සුජීව තත්සර
ඡායාරූපය – තිස්සමහාරාම – අමිල

advertistmentadvertistment
advertistmentadvertistment