කොටගල තේ වතු යායේ ප්‍රධාන දමිළ පාසලක සිසු ගැටුමක්

87

දිඹුල පතන පොලිසිය පරීක්ෂණ අරඹයි

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ප්‍රදේශයේ තේ වතු යායක පිහිටි ප්‍රධාන දමිළ පාසලක සිසුන් පිරිසක් අතර පස්වරුවේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම දිඹුල පතන පොලිසියට පැමිණිලි ලැබී ඇති බව පොලිස් නිලධාරියකු පැවසීය.

පසුගිය 17 වැනි දින පාසල් නිවාඩු ලබාදීමත් සමග පාසලේ 8, 9, සහ 10 යන පන්තිවල සිසුන් අතර මෙම ගැටුම පාසල් භූමිය තුලදී ඇති වී ඇති බව එම පොලිස් නිලධාරිවරයා කියා සිටියේය.

ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් දිඹුල පතන පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment