අරක්කු හොර ස්ටිකර් කල්ලියට උපරිම දඬුවම් – සියඹලාපිටිය

109

මද්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධිවලට අදාළ පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මද්‍යසාර සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද රාජ්‍ය ඇමැතිවරයා කියයි.

සියලුම මද්‍යසාර නිෂ්පාදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇති බව ද, එසේම සුරාබදු නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment